
මෙල්බන් නගරයේ සාමය කඩකිරීමට ඇතමුන් උත්සාහ කරන බවට නගරාධිපති නිකලස් රීස් චෝදනා කරනවා.
ඊයේ රාත්‍රියේ නැගෙනහිර මෙල්බන්හි ඇල්බට් වීදියේ පිහිටි ආගමික ගොඩනැගිල්ලක් වන සිනගෝගයේ භූමියේ (synagogue) නාඳුනන පුද්ගලයෙකු විසින් ගින්නක් ඇතිකර තිබුණා.
ඒ වනවිට එම ආගමික ස්ථානයේ පුද්ගලයින් 20 දෙනෙකු පමණ සිටි නමුත් ඔවුන් සියල්ලන්ම ඉවත් කර ගැනීමට හැකි වූ බවයි වික්ටෝරියා පොලීසිය පවසන්නේ.

ගිනි නිවන භටයින්ට ගින්න නිවා දැමීමට හැකි වී තිබෙනවා.
මෙල්බන් නගරාධිපති නිකලස් රීස් ප්‍රහාරය හෙළාදැක ඇති අතර ඔහු පැවසුවේ මෙය ඉතා බියගුලු ක්‍රියාවක් බවයි.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට වෙනුවෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතර තවත් විරෝධතාකරුවන් 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙල්බන් CBD හි හාඩ්වෙයාර් වීදියේ ඊශ්‍රායල අවන්හලකට කඩා වැදී කලබලකාරී ලෙස හැසිරී ඇති බවද වාර්තා වනවා.