
ග්‍රීසියට පැමිණීමට සැලසුම් කරන පුරවැසියන් සඳහා ඕස්ට්‍රේලියාව දැඩි සංචාරක උපදේශනයක් නිකුත් කර තිබෙනවා.
වැඩිවන අනතුරු හේතුවෙනුයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.
40°C ට වඩා ඉහළ යන උෂ්ණත්වයක් සහිත වීම ,අනපේක්ෂිත භූ කම්පන, ජනාකීර්ණ සංචාරක ස්ථානවල පැතිර යන සුළු අපරාධ මෙම අනතුරු ඇඟවීම් වලට හේතු වී තිබෙනවා.

වැඩ වර්ජන සහ සෞඛ්‍ය සේවා අභියෝග ඇතුළු ආරක්ෂක තර්ජන ද ඉහල යන ආකාරයේ ලැව්ගිනි වැනි හදිසි අවස්ථාවන්ට ග්‍රීසියේදී සංචාරකයින් මුහුණ දෙමින් සිටිනවා.
මෙම වර්ධනය වන අවදානම් මඟහරවා ගැනීම සඳහා සුපරීක්ෂාකාරීව සිටීමින් , හොඳින් සූදානම් වීමට සහ දැනුවත්ව සිටින ලෙසද බලදාරීන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ග්‍රීසියේ නිවාඩු සැලසුම් කිරීමේදී මෙම තත්වයන් පිලිබද සොයා බලන ලෙසද බලදාරීන් ජනතාවට දැනුම් දෙනවා.