
19 හැවිරිදි ඇමරිකානු ගුවන් නියමුවෙකු වන Ethan Guo ඔහුගේ පියාසර කිරීමේ සැලැස්මෙන් බැහැර වීම නිසා ඇන්ටාක්ටිකාවේ කිං ජෝර්ජ් දූපතේදී රඳවා ගෙන තිබෙනවා.
ළමා පිළිකා සඳහා අරමුදල් රැස් කිරීම වෙනුවෙනුයි ඔහු මෙම ගුවන් ගමන සිදු කරනු ලබන්නේ.
සෑම මහාද්වීපයකටම පියාසර කරන ලාබාලතම පුද්ගලයා වීමේ ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීමට ඔහු උත්සාහ කරමින් සිටි අතරතුරදීයි ඔහු මෙම තත්වයට මුහුණ දෙනු ලැබුවේ.

එම ගමන අන්තර්ජාලය හරහා මිලියනයකට අධික පිරිසක් විසින් නරඹා තිබුනා.
Punta Arenas සිට ගුවන් ගත වූ ඊතන් නගරයට ඉහළින් රැඳී සිටීමට ගුවන් ගමන් සැලැස්මක් ගොනු කර තිබුණද, ඒ වෙනුවට ඇන්ටාක්ටිකාව දෙසට පියාසර කර තිබෙනවා.

එයට චිලී බලධාරීන් විසින් අනතුරු ඇඟවීම් සිදු කර තිබුනා.
Ethan සිරගත වීමට සිදුවිය හැකි නමුත්, ඔහුගේ ආධාරකරුවන් ඔහු පිටුපස පෙළ ගැසී, විසඳුමක් සාකච්ඡා කිරීමට උත්සාහ කර තිබෙනවා.
ඒ අනූව ඔහු නිදහස්ව තිබුනද ඔහුගේ සිහිනයට යාම තවත් කාලයකට ප්‍රමාද වනු ඇති.