
Microsoft සමාගම පකිස්ථානයේ සියලුම මෙහෙයුම් නවතා දමා තිබෙනවා.
2023 සිට විශාලතම රැකියා කප්පාදුවක් ලෙස Microsoft සිය සේවකයින්ගෙන් 4% ක් සේවයෙන් පහ කරන බව The Seattle Times වාර්තා කර තිබුනා.
දළ වශයෙන් 9,100 දෙනෙකු සේවයෙන් පහ කරන බවට එම වාර්තා පළ කිරීමෙන් දිනකට පසුවයි මෙය සිදුව තිබෙන්නේ.

වාර්තාවලට දැක්වෙන ආකාරයට , Microsoft සමාගම කිසි විටෙකත් පකිස්ථානයේ පූර්ණ ව්‍යාපාර සැලසුම් කර තිබී නැහැ.
එරට තුල තිබී ඇත්තේ ව්‍යවසාය, රජය, අධ්‍යාපනය සහ පාරිභෝගික ගනුදෙනුකරුවන්ට සේවය කළ සම්බන්ධීකරණ කාර්යාල පමණක් බවයි වාර්තා වල දැක්වෙන්නේ.

මෙම තීරණය පකිස්ථානයේ අනාගතය සඳහා “කරදරකාරී සලකුණක්” ලෙස විස්තර කරමින් හිටපු ජනාධිපති Arif Alvi පැවසුවේ Microsoft ප්‍රධානී බිල් ගේට්ස් වරක් පකිස්ථානයේ ප්‍රධාන ආයෝජනයක් කිරීමට සැලසුම් කර තිබූ බවයි.
කෙසේ වෙතත්, “පාලන තන්ත්‍ර වෙනස එම සැලසුම් අවලංගු කළ අතර ආයෝජන පොරොන්දුව ගිලිහී ගිය බවද හිටපු ජනාදිපතිවරයා පෙන්වා දී තිබෙනවා.