Search

රෝගී දරුවන් වෙනුවෙන් මෙල්බන් වෛද්‍යවරයාගේ අරුම පුදුම සේවය

දුර්ලභ සහ අසාද්‍ය රෝග වලින් පෙළෙන දරුවන් සඳහා අරමුදල් රැස් කිරීමට මෙල්බන් වෛද්‍යවරයෙකු ගුවන් ගමනක් ආරම්භ කර තිබෙනවා.

Andrew Kornberg නම් මෙම වෛද්‍යවරයා දින 25ක් පුරා නැවතුම් 20ක් සිදු කරමින් කිලෝමීටර් 27,000ක් පමණ ගුවන් යානයෙන් පියාසර කරනු ලැබුවා.

වෛද්‍යවරයා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවගේ අවධානය වෙනස් ලෙස හිමිකරගත හැකි බවයි.

ඔහු මේ හරහා ඩොලර් මිලියන 4.5ක මුදලක්ද රැස් කරගෙන තිබෙනවා.

එම මුදල Royal Children’s Hospital හී විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට යොදාගන්න බවයි ඔහු සදහන් කර සිටියේ.

මෙලෙස අරමුදල් රැස් කිරීම සදහා ඔහු ගුවන් යානයක් පැදවූ දෙවන අවස්ථාවද මෙය වනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »