
ඔස්ට්‍රේලියාවේ වේගයෙන්ම වර්ධනය වන වැටුප් සහිත රැකියා පිළිබඳ අනාවරණය වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ගේ වැටුප සියයට 3.4 කින් ඉහළ දැමුවද 25% කට වඩා වැඩි වැටුප් වැඩිවීමක් පෙන්නුම් කරන දැන්වීම් පළවී ඇති බවයි SEEK නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
නවතම දත්ත වලට අනුව, රජයේ සහ ආරක්ෂක අංශවල සේවය කරන විශ්ලේෂකයින් (Analyst (government and defence) විශාලතම වැටුප් වර්ධනයක් ලබන අතර එය 26.8% වන අතර ඩොලර් 130,117 දක්වා වැටුප ඉහළ ගොස් තිබෙනවා.

දෙවන ස්ථානයට පත්ව ඇත්තේ බදු උපදේශකයින් (Taxation consultants) වන අතර ඔවුන්ගේ වැටුප 24.5% කින් වැඩිවී ඩොලර් 95,375 ක් ලෙසයි වාර්තා වන්නේ.
බැංකු හා මූල්‍ය සේවා අංශයේ මෙහෙයුම් විශ්ලේෂකයින් (Operations analysts in banking and financial services) ඊළඟ වැටුප් වේගයෙන් වැඩිවීමට හිමිකම් කියන අතර ඩොලර් 98,301 ක් ලෙස 21.1% කින් ඔවුන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවුණා.

ලැයිස්තුවට අනුව ඉහළම වැටුප් ලබන රැකියාව වූයේ පතල්, සම්පත් සහ බලශක්ති ක්ෂේත්‍රයන්හි සේවය කරන විදුලි ඉංජිනේරුවන් (electrical engineers working in mining, resources and energy) වන අතර ඔවුන්ගේ වැටුප ඩොලර් 165,917 ක් බවයි SEEK පෙන්වාදෙන්නේ.
What are the fastest growing salaries in Australia?
-
Analyst (government and defence): $130,117 up 26.8 per cent
-
Taxation consultation (accounting): $95,375 up 24.5 per cent
-
Operations analyst (banking and financial services: $98,301 up 21.1 per cent
-
Maintenance manager (manufacturing, transport and logistics): $146,613 up 19 per cent
-
Electrical engineer (mining, resources and energy): $165,917 up 18.3 per cent
-
Project administrator (construction): $92,788 up 16.8 per cent
-
Finisher (trades and services): $90,695 up 16.6 per cent
-
Customer service representative (retail and consumer products): $64,027 up 16.2 per cent
-
Membership consultant (sport and recreation): $68,435 up 16.1 per cent
-
Assistant (hospitality and tourism): $70,762 up 15.6 per cent