
ඩිමෙන්ෂියා රෝගීන් සවස් වරුවේ වඩාත් කලබලකාරී හා කෝපයට පත්වන බව එම රෝගීන් රැකබලාගන්නන් බොහෝවිට පවසනවා.
මෙම හැසිරීම් ඩිමෙන්ශියා රෝගයේ පොදු කොටසක් වන අතර විශේෂයෙන් Alzheimer රෝගයේදී මෙය වඩාත්ම බලපානු ඇති.
මීට හේතුව පර්යේෂකයින් තවමත් අධ්‍යයනය කරමින් සිටින නමුත් ඔවුන් පෙන්වාදෙන්නේ මොළයේ සිදුවන වෙනස්කම්, තෙහෙට්ටුව වැනි ශරීරයේ ස්වභාවිකව සිදුවන වෙනස්කම් නිසා මෙම තත්වය ඇති වන බවයි.

නිරෝගී පුද්ගලයින් තුළ, මොළයේ සර්කැඩියානු රිද්මය (circadian rhythm) ලෙස හැඳින්වෙන දෛනික රිද්මයක් අනුගමනය කරනවා.
මෙම රිද්මය අප අවදියෙන් සිටින විට මෙන්ම නිදිමත දැනෙන විට පාලනය කිරීමට උපකාරී වන අතර එය ශරීර උෂ්ණත්වය, හෝමෝන සහ මනෝභාවයට ද බලපායි.

නමුත් ඩිමෙන්ශියා රෝගීන්ගේ මෙම රිද්මය පාලනය කරන මොළයේ කොටස එනම් සුප්‍රාචියස්මැටික් න්‍යෂ්ටිය (suprachiasmatic nucleus) හානි වන බවයි පර්යේෂකයින් පෙන්වාදෙන්නේ.
ඒ හේතුවෙන් කාලය පිළිබඳ ඔවුන් ව්‍යාකූල වන බැවින් හිරු බැස යන විට සහ ආලෝකය වෙනස් වන විට, එය ඔවුන්ට බියක් හෝ කලබලයක් ඇති කළ හැකි බවයි.
ඩිමෙන්ශියා රෝගීන්ට තමන්ට අවශ්‍ය දේ පැහැදිලි කිරීමට නොහැකි බැවින්, ඔවුන්ගේ කලකිරීම කෝපයක් හෝ ආක්‍රමණයක් ලෙස පෙන්නුම් කරන බවයි පර්යේෂකයින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.