
13 හැවිරිදි පිරිමි දරුවෙකුට PlayStation උපාංගයක් ලබා දී ලිංගිකව හැසිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු බ්‍රිස්බේන් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.
29 හැවිරිදි ලූක් එඩ්වඩ් නම් මෙම පුද්ගලයා 2024දී දරුවා සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ද වී තිබෙනවා.
පසුව මොහු Snapchat හරහා අසභ්‍ය කෙටිපණිවිඩ සහ විවිධ පුද්ගලයින් ලිංගිකව හැසිරෙන වීඩියෝ දර්ශනද දරුවාට යවා ඇති බව පොලිසිය අනාවරණය කරගනු ලැබුවා.

ඔහු Playstation උපාංගයක් ලිංගික සම්බන්ධයක් සඳහා හුවමාරුවක් ලෙස ලබාදීමට පොරොන්දු වී ඔහුව හමුවෙන ලෙස දරුවාට දන්වා තිබෙනවා.
මේ පිළිබඳව දරුවාගේ දෙමාපියන්ට ඇති වූ සැකයක් මත දරුවාගේ දුරකථනය පරික්ෂා කර ඇති අතර එහි තිබූ අසභ්‍ය පණිවිඩ පිලිබඳව දෙමාපියන් විසින් පොලීසියට පැමිණිළි කර සිටියා.

පසුව දරුවා සමග සිවිල් ඇඳුමෙන් සැරසුන පොලිස් නිලධාරියෙකුද මෙම පුද්ගලයාව හමු වීමට ගොස් ඇති අතර එහිදි ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු වැරදි සියල්ල පිළිගත් අතර ඔහුට අවුරුදු 2ක සිර දඬුවමක් බ්‍රිස්බේන් අධිරණය නියම කර සිටියා.