Search

ජූලි මාසයේ Cash rate කප්පාදුව ගැන අනාවැකියක්

සංචිත බැංකුව ජූලි මාසයේදී Cash rate අගය සියයට 3.60 දක්වා පහත හෙලනු ඇතැයි Finder පවසනවා. 

Finder හි RBA මුදල් අනුපාත සමීක්ෂණයට සහභාගී වූ විශේෂඥයින් සහ ආර්ථික විද්‍යාඥයින්ගෙන් සියයට 88 ක්ම මේ බව තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඩොලර් මිලියනයක ණයක් ඇති ඔස්ට්‍රේලියානුවෙකුට මසකට ඩොලර් 269 ක් හෝ වසරකට ඩොලර් 3226 ක් ඉතිරි කළ හැකි බව විශේෂඥයින් කියාසිටියා. 

උද්ධමනය අඛන්ඩව අඩුවීමද ජූලි මාසයේදී අනුපාත කප්පාදුව නැවත ලබාදීමට හේතුවක් වනු ඇති බවද Finder පෙන්වාදෙනවා. 

මේ අතර ෆයින්ඩර් සමඟ සමීක්ෂණයට යෙදුණු විශේෂඥයින්ගෙන් බහුතරයක් පැවසුවේ අගෝස්තු මාසයේදී තවත් අනුපාත කප්පාදුවක් සිදුවනු ඇති බවයි.

එමෙන්ම නොවැම්බර් මාසයේදී ද අනුපාත කප්පාදුවක් සිදුවනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජූනි මාසයේ ණය ගැනීමේ පිරිවැය අඩුවීම සහ උද්ධමනය ස්ථාවර

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »

අවුරුදු 6 ක දැරියක් 45 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කරදීමේ පුවතක්

වයස අවුරුදු හයක ගැහැණු දරුවෙකු 45 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ කරදීමට තැත් කිරීමේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වනවා. 

Read More »