
පුද්ගලයින් ලක්ෂ 3 ක් පමණ මියයා හැකි “මෙගා භූමිකම්පාවකට” ජපානය සූදානම් වනවා.
ඉදිරි වසර 30 ක් තුළ ජපානයේ Nankai Trough හි ප්‍රබල භූ කම්පනයක් හටගනු ඇතැයි අනුමාන කර තිබෙනවා.
එවැනි මෙගා භූ කම්පනයකින් පසු ඇති වන සුනාමියක් හේතුවෙන් මරණ 298,000 ක් පමණ සිදුවිය හැකි බවත් ඩොලර් ට්‍රිලියන 3 ක හානියක් සිදුවනු ඇති බවත් රාජ්‍ය මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ජපාන රජය ඊට මුහුණදීම වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටින අතර ඔවුන් පවසන්නේ දැනට 20% කින් පමණ මරණ සංඛ්‍යාව අඩු කිරීම වෙනුවෙන් පියවර මාලාවක් ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ප්‍රචාරණ වන බිය නිසා ජපානයට පැමිණෙන සංචාරකයින්ගේ පහළයාමක්ද වාර්තා වනවා.

කෙසේවෙතත් පසුගිය වසරේදී ජපානයට ඕස්ට්‍රේලියානුවන් 920,000 ක් පමණ පැමිණ ඇති අතර මෙම වසරේ එය පළමු වරට මිලියනය ඉක්මවා යනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.