Search

සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන අලුත් තරුවක්

 

සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන නව අන්තර් තාරකා වස්තුවක් තාරකා විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.

මෙම තාරකා වස්තුව සූර්ය මණ්ඩලයට අයත් නොවන අතර වල්ගා තරුවක් වියහැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.

සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට සිට විශ්වය කෙළවරේ නිරීක්ෂණය කළ තුන්වන ආකාශ වස්තුව මෙය වනවා.

නිල වශයෙන් 3I/ATLAS ලෙස නම් කර ඇති මෙම අන්තර් තාරකා වස්තුව චිලී හි නාසා අරමුදල් සපයන ATLAS (Asteroid Terrestrial-impact Last Alert System) දුරේක්ෂය පසුගිය අඟහරුවාදා නිරීක්ෂණය කළා.

ඉන් පසුව විද්‍යාඥයින් බොහෝ දුරේක්ෂවල පැරණි දත්ත නැවත විශ්ලේෂණය කිරීමෙන් පසු එම වස්තුව ජූනි 14 වැනිදා සිට නිරීක්ෂණය වී ඇති බව හඳුනාගෙන ඇති අතර එය ධනු රාශියේ දිශාවෙන් පැමිණ ඇති බව ද සොයා ගෙන තිබෙනවා.

වල්ගා තරුව පැයට කිලෝමීටර 214,364 ක් පමණ වේගයෙන් ගමන් කරන බවයි විලානෝවා විශ්ව විද්‍යාලයේ [Villanova University] සහකාර මහාචාර්ය ටෙඩී කරේටා [Teddy Kareta] පවසන්නේ.

මෙවැනිවේගයකින් ගමන් කරන වස්තුවක් අපගේ ග්‍රහ මණ්ඩලයට අයත් විය නොහැකි බව ද මහාචාර්යවරයා පෙන්වා දී තිබෙනවා.

එය වෙනත් සූර්ය මණ්ඩලයකින් පැමිණ ඇති අතර වසර මිලියන ගණනක් අභ්‍යවකාශය හරහා ගමන් කරමින් සිටියදී සෞරග්‍රහ මණ්ඩලය හමුවී ඇති බවටයි විද්‍යාඥයින් මත පළ කරන්නේ.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »