Search

දියවැඩියා ප්‍රතිකාරයක් migraines වේදනාවලටත් සහනය දෙයි

 

දියවැඩියා ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඔසෙම්පික් [Ozempic] වර්ගයේ ඖෂධයක් දීර්ඝකාලීන migraines සඳහා ඖෂධයක් ලෙස භාවිත කළහැකි බව පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

දෙවන වර්ගයේ දියවැඩියාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ලිරාග්ලූටයිඩ් [Liraglutide] නම් Ozempic වර්ගයේ ඖෂධය මාස 3 ක් පුරා ලබාදුන් migraines රෝගීන්ගේ වේදනා සඳහා විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදී ඇති බවයි ඉතාලියේ සිදුකළ පර්යේෂණයෙන් සොයාගෙන ඇත්තේ.

රෝගීන් මාසිකව අත්විඳින migraines දිනයන්  20% සිට 11% දක්වා අඩු කිරීමට එම ඖෂධයට හැකිවී තිබෙනවා.

තරබාරුකම migraines සඳහා අවදානම් සාධකයක් වුවද, බර අඩු කර ගැනීම මෙම ඖෂධය ක්‍රියාත්මක වීමට හේතුව නොවන බවයි පර්යේෂකයන් පවසන්නේ.

එය හිස් කබලේ පීඩනය අඩුවීම හේතුවෙන් සිදුවිය හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් ලක්ෂ 50 ක් පමණ migraines වේදනාවෙන් පෙළෙන අතර, කාන්තාවන්ට පිරිමින්ට වඩා තුන් ගුණයකින් වැඩි අවදානමක් පවතිනවා.

නිසි ප්‍රතිකාර නොලැබුණු විට, මෙම වේදනාව විනාඩි කිහිපයක සිට දින 3 ක් දක්වා පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ.

 

 

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »