
පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදුවූ රිය අනතුරකින් මිය ගිය ගොස් තිබුනා.
මෙම අනතුරින් ඔහුගේ සහෝදරයා වන ඇන්ඩ්‍රේ ද මිය ගොස් තිබූ බව වාර්තාවල සදහන්.
සොහොයුරන් දෙදෙනා ගමන් කළ ලැම්බෝර්ගිනි වර්ගයේ මෝටර් රථය වෙනත් වාහනයක් පසුකර ඉදිරියට යාමේදී ටයරයක් පුපුරා මාර්ගයෙන් ඉවතට පැන ගිනි ගෙන ගැනීමෙනුයි අනතුර සිදුව තිබුනේ.

ඩියෝගෝ ජෝටා සහ ඔහුගේ සහෝදරයා වන ඇන්ඩ්‍රේ මරණයට පත් වූ මාරක මෝටර් රථ අනතුර සිදු වූයේ ජෝටා විවාහ වී සති දෙකකට අඩු කාලයකට පසුවයි.
මෙවර තරග වාරයේදී සිය ක්‍රීඩා දිවියේ සුවිශේශී තරගයක් ක්‍රීඩා කල ඩියෝගෝ ජෝටා, ලිවර්පූල් ක්‍රීඩා සමාජයට ප්‍රිමියර් ලීග් ශුරතාවලිය ජයග්‍රහණය කිරීමට සුවිෂේශී මෙහෙයක් සිදු කරනු ලැබුවා.

ජාත්‍යන්තර පාපන්දු පිටියේදී ජෝටා පෘතුගාලය වෙනුවෙන් තරග 49 කදී ගෝල 14 ක් රැස් කර තිබෙනවා.