
ඔස්ට්‍රේලියානු හමුදාවේ මිල අධිකම ගුවන් යානා, නැව් සහ සබ්මැරීන බොහොමයක් සරලම ඩ්‍රෝන ප්‍රහාරවලටද ගොදුරු වීමේ අවදානමක් ඇති බව විශේෂඥයින් ප්‍රකාශ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන ගණනක වටිනාකමක් ඇති F-35 යානා වටා ආරක්ෂාව ලෙස ඇත්තේ ඉතාම සරල සුර්ය ආවරණ පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Google Maps මගින් පවා ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ දුර්වලතා බැලිය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා සිටියා.

Australian Strategic Policy Institute හි ජ්‍යෙෂ්ඨ සාමාජික මාර්ක් ඇබ්ලොන්ග් කියා සිටියේ Google Maps තුළින් කඳවුරු සදහා ප්‍රවේශ විය හැකි ස්ථාන සහ රේඛා වල දුර්වල ස්ථානද ඕනෑම කෙනෙකුට පහසුවෙන් ලබාගත හැකි බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආරක්ෂක කඳවුරු වටා ශක්තිමත් කොන්ක්‍රීට් ආවරණ සහ බංකර ඉදිකර ආරක්ෂාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට රජය වහාම පියවර ගත යුතු බවයි.

ඩෝන යන්ත්‍ර භාවිතා කරමින් මැදපෙරදිග සහ යුරෝපීය යුද්ධවලදී විශාල හානියක් සිදුකර ඇති නිසා වහාම ඩ්‍රෝන්වලට එරෙහිව ක්‍රියාත්මක වන උපාංගද සවිකර යුතු බවද විශේෂඥයින් අවධාරණය කරනු ලැබුවා.
තවද ඩොලර් 1000ටත් වඩා අඩු ඩ්‍රෝන යානයකින් ගුවන් තොටුපළක් හරහා ඩොලර් බිලියන ගණනක හානියක් සිදු කළ හැකි බව මාර්ක් ඇබ්ලොන්ග් කියා සිටියා.