
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරන ලද නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.
ඒ බංගලාදේශය සමඟ ඊයේ කොළඹදී පැවති එක්දින තරගයෙන් ලකුණු 77 ක ජයක් ලබා ගැනීමත් සමගයි.
පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 244ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් 36 වන ඕවරයේදී බංගලාදේශ කණ්ඩායම ලකුණු 167කට දවා ගනිමින් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව පාකිස්තානය අභිබවා එක්දින ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට පැමිණීමට උපකාරී වුනා.

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ ලකුණු 3,856 ක් ලබාගෙන ඇති අතර පාකිස්තානය ලබාගෙන ඇත්තේ ලකුණු 3,312 කි.
නවසීලන්තය එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියාව දෙවන ස්ථානයේ පසුවෙයි.