
ළමාරක්ෂක මධ්‍යස්ථානවල mobile phones තහනම් කිරීම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට දකුණු ඔස්ට්‍රේලියාව සූදානම් වනවා.
වික්ටෝරියාවේ ළමාරක්ෂක මධ්‍යස්ථානයක සේවකයෙකු ළමා අපයෝජන සදහා යොදාගන්නා ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට පසුගියදා තොරතුරු හෙළිවුණා.
ඒ අනුව මධ්‍යස්ථානවල පෞද්ගලික ඉලෙක්ට්‍රොනික උපාංග තහනමක් සැප්තැම්බර් මාසයේ සිට ජාතික වශයෙන් සැලසුම් කර ඇති අතර දකුණු ඔස්ට්‍රේලියානු රජය එය ඊට පෙර ක්‍රියාත්මක කළහැකිදැයි විමර්ශනය කරමින් සිටිනවා.

ළමාරක්ෂක මධ්‍යස්ථානවල CCTV කැමරා සවිකිරීම සහ ගුරුවරුන් ලියාපදිංචි කළ educator register එකක් සම්මත කර ගැනීමට ද කටයුතු කෙරෙනු ඇති.
ගැටලු ඇතිවූ විට පවුල්වලට වහා දැනුම්දිය හැකි ආකාරයට නියාමක ආයතනවල බලය ව්‍යාප්ත කිරීම පිළිබඳව ද ඉක්මන් උපදෙස් ලබාදෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍ය බ්ලෙයාර් බෝයර් [Blair Boyer] ඉල්ලා ඇත්තේ.

ඔහු විශේෂයෙන් පෙන්වා දී ඇත්තේ වික්ටෝරියානු රජය ළදරු ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කරන කඩිනම් පියවරවලට දකුණු ඔස්ට්‍රේලියාව ද සමානව කටයුතු කළයුතු බවයි.