Search

ජනප්‍රිය Fast Food සන්නාමයක් රට පුරා නව වෙළදසැල් විවෘත කිරීමට සැරසෙයි

Fast Food ප්‍රවර්ධනය සඳහා ඉදිරි මාස 12 තුළ නව වෙළදසැල් ආරම් කරන බව McDonalds නිවේදනය කර තිබෙවනවා.

McDonalds හී ඔස්ට්‍රේලියා ප්‍රධාන විධායක නිලධාරී Joe Chiczewski කියා සිටියේ නව වෙළදසැල් 30 ත් 50 ත් අතර ප්‍රමාණයක් ආරම්භ කිරීමට නියමිත බවයි.

මේ වන විට රට පුරා McDonalds වෙළදසැල් 1,050ක් පමණ ඇති අතර ඔස්ට්‍රේලියාව තුළ ආයෝජනය කිරීම අඛණ්ඩව සිදු කරන බවයි සමාගම කියා සිටියේ.

ජීවන වියදම් අභියෝගයකට මුහුණ දෙන ඔස්ට්‍රේලියානුවන්ට සහය වීමට, McDonalds විසින් ජනප්‍රිය මෙනු අයිතම කිහිපයක මිල වැඩි කිරීමක් සිදු නොකරන බවද ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව McSmart Meal හී මිල ඩොලර් 7ක් ලෙසම තබාගන්නා අතර Loose Change Menu මිල ඩොලර් 4ක් ලෙසම පවතින බවයි වාර්තා වන්නේ.

මෙම නව වෙළදසැල් විවෘත කිරීමත් සමග එහි සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව සළකා බලන බවද McDonalds නිවේදනය කර සිටියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »