
Mosaic tiles තුළ සඟවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ආනයනය කළ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙල්බන්, Holroyd සහ Liverpool ප්‍රදේශවලදීයි ඔවුන් පොලිස් භාරයට ගෙන ඇත්තේ.
අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ටයිල් තොගයේ methamphetamine 360kg ක් පමණ අඩංගු බවයි.

එහි ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 333 ක් වනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු අද සිඩ්නි අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිත අතර AFP පවසන්නේ ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ හැකි පරිදි චෝදනා ගොණු කරන බවයි.

අනෙක් පුද්ගලයා මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඔක්තෝබර් 29 වනදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.