Search

විටිමින් B6 රුධිර පරීක්ෂණවල කැපී පෙනෙන වැඩිවීමක්

 

විටමින් B6 නිසා ඇතිවන රුධිර විෂ වීමේ අවදානම වැළැක්වීමට ඕස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය [Therapeutic Goods Administration (TGA)] අසමත් වූ බව පිළිගෙන තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය ‌ඩේවිඩ් කැනොස්කි [David Kanowski] පවසන්නේ B6 රුධිර පරීක්ෂණ සිදු කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉතා විශාල ලෙස වර්ධනය වී ඇති බවයි.

2025 ජනවාරි මාසයේ සිට B6 පරීක්ෂණ සදහා පැමිණි පුද්ගලයන්ගේ සංඛ්‍යාව මාසිකව 10,000  කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු පවසනවා.

පසුගිය මැයි මාසයේ දත්ත අනුව පුද්ගලයින් 450 දෙනෙකු පමණ ස්නායු රෝග වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව පෙන්වන ප්‍රතිඵල ලබා දුන් බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර 2027 වසරේ සිට විටමින් B6 සම්බන්ධ නව නියාමන පනත් ක්‍රම ක්‍රියාත්මක කිරීමටයි ඕස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය යෝජනා කර ඇත්තේ.

විටමින් B6 ආහාර, energy drinks, diet shakes සහ අතිරේක ඇතුළු ඕස්ට්‍රේලියානු නිෂ්පාදන දහස් ගණනකට එකතු කරනු ලබනවා.

ඒවායින් 80%කට වඩා B6 නිර්දේශිත දෛනික ප්‍රමාණය වන 1.7mg ට වඩා වැඩි මට්ටමින් අඩංගු වනවා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කෘතිම විටමින් අධික ලෙස පරිභෝජනය කිරීම හේතුවෙන් ස්නායු රෝග, හිරි වැටීම, පිළිස්සීම සහ අත් පා දුර්වල වීම වැනි ගැටළු ඇති වන බවයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »