Search

ව්‍යාජ Ghost Stores 4ක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට Ghost Stores ලෙස හදුන්වන ව්‍යාජ වෙළඳසැල් වෙබ් අඩවි පිලිබඳව අවධානයෙන් සිටින ලෙස ඔස්ට්‍රේලියානු පාරිභෝගික ආරක්ෂණ කොමිසම අනතුරු අඟවා තිබෙනවා.

මෙම ව්‍යාජ වෙබ් අඩවි ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි ව්‍යාපාර ලෙස පෙනී සිටින අතර විදේශ රටවල සිටින පුද්ගලයන් විසින් මෙහෙයවන බවටයි අනාවරණය වී තිබෙන්නේ.

මේ වන විට ව්‍යාජ වෙබ් අඩවි හතරක් හදුනාගෙන ඇති අතර ඒ සදහා everly-melbourne.com,willowandgrade-adelaide.com ,sophie-claire.com සහ doublebayboutique.com යන වෙබ් අඩවි ඇතුලත් වන බව පාරිභෝගික ආරක්ෂණ කොමිසම තහවුරු කර සිටියා.

මෙම වෙළදසැල් Facebook, Instagram මාධ්‍ය වල paid ads මගින් සහ Shopify e-commerce භාවිතා කරමින් ගනුදෙනුකරුවන් වෙත ව්‍යාජ ඇඳුම් හා පාවහන් දැන්වීම් යවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පාරිභෝගික ආරක්ෂණ කොමිසමේ නියෝජ්‍ය සභාපති කැට්‍රියෝනා ලෝ කියා සිටියේ මෙවැනි වෙළඳසැල් 60කට අදාළව පැමිණිලි 360ක් වාර්තා වී ඇති බවයි.

මේ වන විටත් ghost stores ක්‍රියාකරුවන්ට එරෙහිව පරීක්ෂණ සිදුකර නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා Meta සහ Shopify යන සමාගම් වෙත ලිපි යොමු කල බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.

ඔස්ට්‍රේලියානුවන්ට මෙම ව්‍යාජ ව්‍යාපාර හඳුනා ගන්නේ කෙසේදැයි දැන ගැනීමට සහ බාල නිෂ්පාදනයක් මිලදී ගැනීමෙන් වැළකී සිටීමට මහජන දැනුවත්භාවය වැඩි කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ කොමිසම දන්වා සිටියා.

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »