Search

ළමාරක්ෂක මධ්‍යස්ථාවල පිරිමින්ට සේවය කිරීම තහනම් වෙයිද ?

 

ළමාරක්ෂක මධ්‍යස්ථානවල පිරිමින් සේවය කිරීම තහනම් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

මෙල්බන් ළමාරක්ෂක මධ්‍යස්ථානයක සේවය කළ පුද්ගලයෙක් ළමා ලිංගික අතවර චෝදනා 70 ක් යටතේ අත්අඩංගුවට ගැණුනා.

ඔහු වසර කිහිපයක් පුරා ළමාරක්ෂක මධ්‍යස්ථාන 20 ක සේවය කර ඇති අතර චෝදනා එල්ල වී ඇත්තේ එක් මධ්‍යස්ථානයක දරුවන් 8 දෙනෙකුට ලිංගික අතවර කළ බවටයි.

ඔහු සේවය කළ ළමාරක්ෂක මධ්‍යස්ථානවල සිටි දරුවන් 1200 දෙනෙකු බෝවන රෝග පරීක්ෂාවට ලක් කරන ලෙස ද දෙමාපියන්ට දැනුම් දෙනු ලැබුවා.

Independent Collective of Survivors ආයතනයේ නිර්මාතෘ ලුයිස් එඩ්මන්ඩ්ස් [Louise Edmonds] පවසන්නේ දරුවන් බලාගැනීමේ මධ්‍යස්ථානවල පිරිමින්ට සීමා දැමිය යුතු බවයි.

අදහස් පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි කුඩා දරුවන්ගේ ආරක්ෂාව ඉතා වැදගත් විය යුතු බව ද ඇය සඳහන් කරනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු අපරාධ විද්‍යා ආයතනය සිදුකළ අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ ලිංගික අපරාධකරුවන්ගෙන් 98.3%ක් පිරිමින් බවයි.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »