
වසර 25 කට පසු භාණ්ඩ හා සේවා සඳහා බද්ද (GST) වැඩි කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගිණුම්කරණ ආයතනයක් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ජෝන් හොවාර්ඩ්ගේ රජය 2000 වසරේ ජූලි 1 වන දිනයි භාණ්ඩ හා සේවා බද්ද හඳුන්වා දෙනු ලැබුවේ.
ඉන් වසර 25 කට පසුත් ඕස්ට්‍රේලියාවේ විකුණනු ලබන බොහෝ භාණ්ඩ හා සේවා බද්ද සියයට 10 ක් ලෙස නියම කර ඇත්තේ.

CPA ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විධායක ක්‍රිස් ෆ්‍රීලන්ඩ් පවසන්නේ ඇතැම් ආහාර ද්‍රව්‍ය සඳහා බදු පැනවීම් නොසලකා හැර ඇති බැවින් GST සම්බන්ධයෙන් නොගැලපීම් සහ සැලසුම් දෝෂ පවතින බවයි.
භාණ්ඩ හා සේවා බද්ද (GST) වෙනස් කිරීමෙන් පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා ආදායම් බදු අඩුවීමටද හේතු වන බව ෆ්‍රීලන්ඩ් කියාසිටියා.

මෙමගින් පුද්ගලික ආදායම් බද්ද මත යැපීම් අඩු කිරීමෙන් ජනතාවගේ සාක්කුවලට වැඩි මුදලක් එකතු වන අතර අවසානයේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා වැඩි ආදායමක් උපයා ගත හැකි බවද ඔහු පෙන්වාදෙනවා.
එමෙන්ම බොහෝ බදු විශේෂඥයින් විශ්වාස කරන්නේ GST වැඩි කිරීම සමස්ත බදු පදනම පුළුල් කිරීමට හේතුවන බවයි.