
වසර 17 ක සිට මෙල්බන්හි ජීවත් වූ පවුලක් වැරදි වැටහීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ අභියෝගයකට මුහුණදී සිටිනවා.
දකුණු කොරියානු ජාතිකයින් වන මෙම පවුලට වයස අවුරුදු 20 ක දැරියක් සහ අවුරුදු 11 පිරිමි දරුවෙකු සහ තවත්ත ගැහැණු ළමයෙකු සිය දෙමාපියන් සමග මෙල්බන්හි ජීවත් වනවා.
20 හැවිරිදි සොෆියා පවසන්නේ වීසා කොන්දේසිවලට අනුව සිය මවගේ රැකියාව සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

වයස අවුරුදු 20 ක් වන ඇය මෙල්බන්හි වසර 17 ක් ජීවත්වී ඇති අතර ඇය පවසන්නේ ඇයගේ සහෝදරයින් කිසිදා මේ රටින් පිටත ජීවිතයක් නොදන්නා බවයි.
එමෙන්ම නැවත දකුණු කොරියාවට පිටුවහල් කළහොත් එරට භාෂාව නොදැන සිටීම හේතුවෙන් කොරියානු පාසලක ඉගෙන ගැනීමට පවා නොහැකි වනු ඇති අතර මේ සම්බන්ධයෙන් අභියාචනා කිහිපයක් ඉදිරිපත් කළත් ඒවා ප්‍රතික්ෂේප වූ බව සොෆියා කියාසිටියා.

සොෆියාගේ මව Sumni කලාපීය ප්‍රදේශයක පූර්ණ කාලීනව සේවය කර ඇති බව ඔප්පු කිරීමට උත්සාහ කරන අතරතුර වැරදි වැටහීමක් හේතුවෙන් 887 visa කාණ්ඩය යටතේ 2019 වසරේදී Skilled Regional Visa ලබාදීමද ප්‍රතික්ෂේප වී තිබෙනවා.
887 වීසා යනු අවම වශයෙන් වසර දෙකක් ජීවත් වී ඔස්ට්‍රේලියාවේ නිශ්චිත කලාපීය ප්‍රදේශයේ අවම වශයෙන් මාස 12 ක රැකියාවක් ලබා ඇති තාවකාලික වීසා හිමියන් සඳහා ලබාදෙන permanent residence visa බලපත්‍රයක්.
මෙම කොරියානු පවුල ආගමන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීම සමාලෝචනය කර සානුකම්පිත හේතු යටතේ ස්ථිර පදිංචිය ලබා දෙන ලෙසයි.