සංචරණ සීමා කඩා Greater Melbourne වලින් පනින අය අල්ලන්න number plate තාක්ෂණය

කොවිඩ් සංචරණ සීමා කඩ කර Regional Victoria වෙත ගමන් කරන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා විශේෂ number plate තාක්ෂණයක් යොදා ගැනීමට වික්ටෝරියා පොලිසිය තීරණය කර තිබේ.

Greater Melbourne කලාපය මේ වනවිට Lockdown තත්වයේ පසුවුවද Regional Victoria කලාපය තුළ සංචරණ සීමා ලිහිල් කර තිබේ.

එහෙත් කිසිදු වලංගු හේතුවක් නොමැතිව Regional Victoria වෙත ගමන් කිරීම අත්හිටුවා ඇත.

එම තත්වය නොසළකා ඇතැමුන් Regional Victoria වෙත ඇතුලුවන බව පොලිසිය හඳුනාගෙන ඇති බව සඳහන්.

මෙම නීති කඩකරන අයට ඩොලර් 1652 ක දඩයක් පැණවෙන අතර දෛනිකව පොලිස් නිළධාරීන් 450 කට ආසන්න පිරිසක් මුර සංචාරවල (mobile patrols) නිරත වෙති.

ඔවුන්ට අමතරව automatic number plate recognition system තාක්ෂණය යොදාගෙන අදාළ වාහන පැමිණෙන්නේ Greater Melbourne සිටද නොඑසේනම් වෙනත් ප්‍රදේශයකද සිට යන්න නිවැරදිව තහවුරු කරගැනීමටයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සූදානමින් පසුවන්නේ.

Pic – (Paul Rovere)

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »