Search

මෙල්බන්හි ළමා ලිංගික අපයෝජනයකට තවත් අයෙක් අත්අඩංගුවට

 

ළමා ලිංගික අපයෝජන චෝදනා එල්ල වු ළමාරක්ෂක සේවකයෙකු පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසු මෙල්බන් හි එවැනි චෝදනා එල්ල වු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ළමා අපයෝජන ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, ස්ත්‍රී දූෂණය ඇතුලු ලිංගික අපරාධ 45 ක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා චෝදනා ලැබ සිටිනවා.

කෝබර්ග්හිදී [Coburg] යොවුන් වියේ පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද  පොලිසිය විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

සැකකරු සැප්තැම්බර් 15 වනදා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීම සඳහා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවා.

මේ අතර ළමා ලිංගික චෝදනා 70 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෙකු ද පසුගියදා අත්අඩංගුවට ගැණුනා.

ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් පවතී ද යන්න තවමත් හෙළිදරව් වී නැහැ.

නැවත අධිකරණයේ පෙනී සිටින තෙක් සැකකරුවන් දෙදෙනා මෙල්බර්න් තක්සේරු බන්ධනාගාරයේ සාමාන්‍ය ජනතාවගෙන් හුදකලා කර තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »