
බටහිර ඔස්ට්‍රේලියාවේ නව අධි තාක්‍ෂණික කැමරා හේතුවෙන් රියදුරන්ගේ වැරදි 130,000 ක් සොයාගෙන තිබෙනවා.
ප්‍රාන්තයේ මරණ සංඛ්‍යාව අඩු කිරීමට සහ අනාරක්ෂිත රිය පැදවීම මැඩපැවැත්වීම වෙනුවෙන් පසුගිය ජනවාරි 26 වන දින මෙම අධි තාක්‍ෂණික කැමරා පද්ධති ක්‍රියාත්මක කරනු ලැබුවා.
අඟහරුවාදා බටහිර ඔස්ට්‍රේලියාවේ අයවැය ඇස්තමේන්තුවකදී අනාවරණය වූයේ කැමරා හේතුවෙන් මාර්ග නීති උල්ලංඝනය කළ 50,000 කට ආසන්න ප්‍රමාණයකට අනතුරු ඇඟවීම් ලිපි නිකුත්කළ බවයි.

දිනකට වැරදි 800 කට වැඩි ප්‍රමාණයක් සහ අනතුරු ඇඟවීම් ලිපි 280 ක් පමණ නිකුත්කරන අතර, පුද්ගලයින් 50,000 ක් ආසන පටි වැරදි ලෙස හෝ කිසිසේත් පැළඳ නොසිටි බවටද අනාවරණය වී තිබෙනවා.
රියදුරන් 75,000 ක් අතේ දුරකථනයක් තිබීම හෝ එය නීති විරෝධී ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ද හසුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දුරකථන, අයිපෑඩ් භාවිතා කරන රියදුරන් සහ රිය පැදවමින් ළදරුවෙකුට කිරි දෙන රියදුරන් ඇතුළු වැරදිකරුවන්ගේ මුද්‍රිත ඡායාරූප ගණනාවක් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුව අමතමින් පොලිස් අමාත්‍ය රීස් විට්බි විසින් පෙන්වා තිබෙනවා.