Search

Hand luggage ගාස්තු තහනමක් ගුවන් සමාගම් කිහිපයකට

 

යුරෝපයේ ගුවන් සමාගම්වලට ඉදිරියේදී hand luggage ගාස්තු අය කළ නොහැකි බව යුරෝපා සංගමය පවසනවා.

hand luggage නොමිලේ ගෙන යෑමට හැකි නව පාර්ලිමේන්තු යෝජනාවක් අනුව එය ක්‍රියාත්මකයි.

නීති සම්පාදකයින් යුරෝපීය ගුවන් සමාගම්වල hand luggage ගාස්තු අහෝසි කිරීමට එහිදී ඡන්දය දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යෝජනාව මගින් මගීන්ට අමතර ගාස්තුවකින් තොරව  7 kg ක් දක්වා රැගෙන යා හැකි ගමන් මලු සමඟ ගමන් කිරීමට ඉඩ සැලසෙනවා.

යුරෝපීය පාර්ලිමේන්තුවේ මාධ්‍ය නිවේදනයට අනුව, ප්‍රවාහන හා සංචාරක කටයුතු පිළිබඳ යුරෝපා සංගම් කමිටුවේ උප සභාපති මැටියෝ රිචී [Matteo Ricci] පැවසුවේ මෙය සාධාරණ සහ පැහැදිලි ගමන් පද්ධතියක් සඳහා වැදගත් පියවරක් බවයි.

මෙය අසාධාරණ අමතර වියදම් වළක්වා ගැනීමේ මූලික අයිතියක් බව ද ඔහු පෙන්වා දෙනවා.

යුරෝපා සංගමය තවත් යෝජනා සහ මගී අයිතිවාසිකම් කිහිපයක් සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

අවුරුදු 12ට අඩු දරුවන්ට, ඔවුන්ගේ මව්පියන් සමඟ නොමිලේ වාඩිවීමට ඉඩදීම සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් රැකබලා ගන්නන්ට නොමිලේ ආසන පිරිනැමීම ඉන් කිහිපයක්.

ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී, සම්පූර්ණ වියදම පෙර පැහැදිලිව දැක්විය යුතු බවට සමාගම් වෙත බල කිරීම ද යෝජනා අතරට ඇතුළත් බවයි සංගමය පවසන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »