Search

කාර්ය බහුල මාර්ගයක අතරමං වූ දෙහැවිරිදි දරුවා

විනෝද චාරිකාවකදී රක්ෂිතයක් තුළ දරුවෙකු අතරමංවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට ඩොලර් 45,000 ක දඩයක් නියම කර තිබෙනවා.

පසුගිය වසරේ  පර්ත් හි Aspire Early Education මධ්‍යස්ථානයෙන් සංවිධානය කළ ස්වභාවික රක්ෂිත වනෝද්‍යානයක විනෝද චාරිකාවකදී වයස අවුරුදු 2 ක දරුවෙකු අතරමං වීමේ සිද්ධියක් වාර්තා වුණා.

දරුවන් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විනෝද චාරිකාවට සහභාගිවී සිට ඇති අතර චාරිකාව අවසානයේ එක් දරුවෙකු නොමැති බවටයි අනාවරණය වී ඇත්තේ.

පසුව කළ සෝදිසි මෙහෙයමුකදී දෙහැවිරිදි දරුවා පැයට කිලෝමීටර් 70 ක වේග සීමාවක් සහිත මාර්ගයක් අසලදී සොයාගනු ලැබුවා.

මෙම සිද්ධියට අදාලව බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රජා දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ දරුවා අධීක්ෂණයකින් තොරව තබා ඇති බවත්, දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් පූර්වාරක්ෂාවක් අදාල ළමා සුරැකුම් මධ්‍යස්ථානය ගෙන නොමැති බවයි.

ඒ අනුව දඩ මුදලට අමතරව, දෙපාර්තමේන්තුවේ නීතිමය වියදම් ගෙවීම සඳහා ඇස්පයර්ට ඩොලර් 2000 ක් ගෙවීමට ද සිදුව තිබෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »