Search

රිය පැදවීමේදී ක්ෂණික නින්දයාම භයානකයි

ඕස්ට්‍රේලියානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු පමණ රිය පැදවීමේදී ක්ෂණික නින්දට ගොදුරු වන බවට නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

පර්යේෂණය සඳහා ඔස්ට්‍රේලියානුවන් 2000 කට වැඩි පිරිසක් යොදාගෙන තිබුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ 23% දෙනෙකුට රියදුරු ආසනයේම ක්ෂණිකව නින්ද යන බවත් ඉන් තුනෙන් දෙකක්ම දිවා කාලයේදී එසේ සිදුවන බවයි.

පසුගිය මාස 12 තුළ ජාතික මාර්ග අනතුරු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 1337 ක්.

මෙය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 4.8 ක වැඩිවීමක් බවයි ෆෙඩරල් රජයේ ජාතික මාර්ග ආරක්ෂණ දත්ත මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.

NRMA සමීක්ෂණ ප්‍රතිඵලවලින් හෙළි වූයේ පැය තුනක් හෝ ඊට වැඩි දුරක් ධාවනය කරන විට රියදුරන්ගෙන් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් අවම වශයෙන් සෑම පැය දෙකකට වරක්වත් විවේකයක් නොගන්නා බවයි.

NRMA ප්‍රකාශක පීටර් කෞරි පැවසුවේ ඕස්ට්‍රේලියානු මාර්ගවල සිදුවන අනතුරු පහෙන් එකකට තෙහෙට්ටුව බලපා ඇති බවයි.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »