ඕස්ට්‍රේලියානු රජය සෞඛ්‍ය ආධාර තොගයක් මත්තල දී අමාත්‍ය නාමල්ට භාරදෙයි

ගෝලීය වසංගත අභියෝගය ජය ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය පිරිනමන සෞඛ්‍ය ආධාර තොගයක් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී විසින් මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට භාර දෙන ලදි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව සුරක්ෂිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මෙම සද්කාර්යය ක්‍රියාත්මක කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයට සෘජුව පරිත්‍යාග කෙරෙන මෙම සෞඛ්‍ය ආධාර තොගය එම අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් භාර ගන්නා ලදි.

ඔස්ට්‍රේලියානු C-17 ගුවන් යානය මගින් ගෙන එනු ලැබූ ටොන් 2.3ක් වන මෙම සෞඛ්‍ය ආධාර තොගයට මුව ආවරණ සහ PPE Kit දහස් ගණනක් අන්තර්ගතය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ අදාළ සෞඛ්‍ය ආධාර තොගය එම අවස්ථාවේ දීම සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට භාර කළේය.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියානු රජය අතර පවතින දිගුකාලීන සබඳතාවල ශක්තිමත් බව මෙමගින් පෙන්නුම් කරන අතර පුරා දින තුනක් මත්තල නවතා තැබෙන මෙම ඕස්ට්‍රේලියානු යානය ඉන්දියාව සහ නේපාලයට අවශ්‍ය සෞඛ්‍ය ආධාර තොගයන් ද මෙහි සිට බෙදා හැරීමට නියමිතය.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »