
New South Wales ප්‍රාන්තයේ Australian bat lyssavirus හේතුවෙන් බරපතල තත්ත්වයේ පසුවන රෝගියෙකු ප්‍රථම වරට වාර්තා වී තිබෙනවා.
මාස කිහිපයකට පෙර වවුලෙකු සපා කෑමෙන් පසු ඔහුට ප්‍රතිකාර ලබාදී ඇතත් මේ වනවිට තහවුරු කර ඇත්තේ Australian bat lyssavirus වැළඳී ඇති බවයි.
New South Wales හි සෞඛ්‍ය නිලධාරිනි කීරා ග්ලාස්ගෝ [Keira Glasgow] පවසන්නේ මෙය ඉතා දුර්ලභ රෝගයක් වන අතර රෝගය සඳහා ඵලදායී ප්‍රතිකාරයක් නොමැති බවයි.

රෝගියාට වෛරසය වැළඳීමට වෙනත් හේතු ඇත්දැයි විමර්ශනයක් සිදු කරන බව ද ඇය සඳහන් කළා.
Australian bat lyssavirus ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ 4 වන අවස්ථාව මෙය වන අතර, New South Wales හි මෙය වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

ලයිසා වයිරසය ආසාදිත වවුලන් සපා කෑමකින් හෝ සීරීමකින් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර ජලභීතිකා රෝගයට සමාන ආසාදනයක් එමගින් ඇති කරනු ලබනවා.