
යට ඇඳුම්වල සඟවා ළමා ලිංගික අපයෝජන වීඩියෝ සහ ෆොටෝස් සඟවා ගෙන ආ පුද්ගලයෙකු සිඩ්නි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා ෆීජි සිට පැමිණි අවස්ථාවේ පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී ඔහුගේ යට ඇඳුම් සහ සපත්තු තුළ සඟවා තිබු ළමා ලිංගික අපයෝජන අඩංගු hard drives 6 ක් සොයා ගත් බවයි ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය (Australian Border Force) පවසන්නේ.
සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී App කිහිපයක ගබඩා කර තිබු ළමා අපයෝජන ද්‍රව්‍ය ද සොයාගෙන තිබෙනවා.

සිඩ්නි වෙත පැමිණීමට පෙර ඒවායේ තිබූ දත්ත මකා දැමූ බවට සැකකරු පිළිගත් බවයි පොලීසිය සඳහන් කර ඇත්තේ.
මේ අතර සැකකරුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී තවත් දුරකතනයක්, ටැබ්ලට් එකක්, smart watch එකක්, hard drive එකක් සහ laptop එකක් ද හමුවී තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී ඇති අතර අගෝස්තු 19 වනදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.