අද සිට වික්ටෝරියා වෙළඳසැල් වල QR Codes නීති දැඩිව – නීති කැඩුවොත් ලැබෙන දඩ මෙන්න – AusLanka TV – Australian News for the Sri Lankan community

අද සිට වික්ටෝරියා වෙළඳසැල් වල QR Codes නීති දැඩිව – නීති කැඩුවොත් ලැබෙන දඩ මෙන්න

අද සිට වික්ටෝරියා වෙළඳසැල් වල QR Codes නීති දැඩිව – නීති කැඩුවොත් ලැබෙන දඩ මෙන්න

අද සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සුපිරි වෙළඳසල් සහ කැෆේ ඇතුලු ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් සඳහා යන පුද්ගලයින් QR Codes හරහා ලියාපදිංචි වීම අනිවාර්යයි.

Takeaway ක්‍රමයට ගෙන යන ආහාර ලබාගැනීමට පැමිණෙන පිරිසද මෙම නව නීතීන්ට අනුව, ප්‍රාන්ත රජය සපයා ඇති QR කේත හරහා දුරකතනයෙන් ලියාපදිංචි වීම අනිවාර්යය.

ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටින්නේ ප්‍රාන්ත නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රාන්තය තුල ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් QR කේත නීතීන් නිසිලෙස ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව සොයා බලන බවයි.

මීට පෙර යම් ව්‍යාපාරික ස්ථානයකට සේවා ලබාගැනීම සඳහා යන පුද්ගලයින් එම ස්ථානයේ නිශ්චිත කාලසීමාවකට වඩා වැඩි කාලයක් ගත කළහොත් පමණක් මෙලෙස ලියාපදිංචි වීම සිදු කලයුතු විය.

නමුත් ප්‍රාන්තය ක්‍රියාත්මක කරන මෙම නව නීතීන්ට අනුව යම් ව්‍යාපාරික ස්ථානයකට යන ඕනෑම පුද්ගලයකු කුමන වෙලාවක් එම ස්ථානයේ ගතකලද QR කේත හරහා ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

මෙම නීතීන් උල්ලංඝනය කරන ව්‍යාපාර වෙත ඩොලර් 1,652 ක උපරිමයකට යටත්ව දඩ මුදලක් ලබාදීමට හැකියාව පවති.

එම ව්‍යාපාර දිගින් දිගටම QR කේත සඳහා වන නීති උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ඩොලර් 9,913ක් දක්වා වූ දඩ නියම කිරීමටද හැකියාව පවතී.

Pic Credit – (ABC News: Jack Fisher)