
ළමාරක්ෂාව [childcare safety] පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට වික්ටෝරියා අගමැති ජසින්ටා ඇලන් [Jacinta Allan] පියවර ගෙන තිබෙනවා.
පොයින්ට් කුක් හි [Point Cook] ක්‍රියේටිව් ගාර්ඩන්ස් මුල් ඉගෙනුම් මධ්‍යස්ථානයේ [Creative Gardens Early Learning Centre] ශිෂ්‍යයන් 8 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීම පිළිබඳ එහි සේවකයෙකුට චෝදනා එල්ල වුණා.
අත්අඩංගුවේ පසුවන ඔහුට ළමා ලිංගික අපරාධ 70 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

එම සිද්ධිය මුල් කරගෙන පවත්වන පරීක්ෂණයේ වාර්තාව අගෝස්තු 15 වනදා ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
පරීක්ෂණයේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරන බව ජසින්ටා ඇලන් ප්‍රකාශ කරනවා.

මේ අතර ළමාරක්ෂක මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලයට පුද්ගලික දුරකථන සහ උපාංග භාවිතය තහනම් කර ඇති අතර මෙම නීතිය සැප්තැම්බර් 26 වනදා සිට අනිවාර්ය කර තිබෙනවා.
නීතිය කඩ කරන මධ්‍යස්ථාන සඳහා ඩොලර් 50,000 දක්වා දඩයක් ද පැණවීමට නියමිතයි.
ළමාරක්ෂක සේවකයින් සඳහා වික්ටෝරියානු මට්ටමේ ලියාපදිංචි පද්ධතියක් පිහිටුවීමට පියවර ගෙන ඇති අතර මධ්‍යස්ථාන තුළ CCTV කැමරා ස්ථාපිත කිරීම කෙරෙහි ද අවධානය යොමුවී තිබෙනවා.