
සිය සුනඛයින් දෙදෙනා කාන්තාවකට සිදුකළ මාරාන්තික ප්‍රහාරයෙන් පසු පියෙකුට සහ පුතෙකුට අවුරුදු 10 ක් සුනඛයින් ඇති කිරීම තහනම් කර තිබෙනවා.
පසුගිය වසරේ ජීලෝන්ග් හිදී 55 හැවිරිදි කාන්තාවක් Staffordshire bull terriers වර්ගයේ සුනඛයින් දෙදෙනෙකු විසින් දරුණු ලෙස සපා කෑමට ලක්කළා.
ඒ හේතුවෙන් තිදරු මවක් වන මෙම කාන්තාව දින 4 ක් කෝමා තත්වයෙන්ද පසුවී තිබෙනවා.

දරුණු තුවාල හේතුවෙන් ඇයගේ ජීවිතයද අවදානම් බවයි වෛද්‍යවරුන් දන්වා සිටියේ.
ඇයගේ දකුණු කණෙන් කොටසක්, කකුලේ විශාල කැබැල්ලක් සපා කෑ අතර හිස්කබලේ ද සපා කෑම් සහ ඇඟිල්ලක්ද කැඩී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් වසරකට පසු අද අධිකරණය තීන්දුකර සිටියේ සුනඛයින්ගේ හිමිකරු වන පියාට සහ පුත්‍රයාට ඩොලර් 15,000 කට ආසන්න දඩ මුදලක් මෙන්ම ඔවුන් දෙදෙනාට දශකයක කාලයක් බල්ලන් ඇති කිරීම තහනම් කරන බවයි.