
ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) විදේශ රැකියා සොයන සියලුම ශ්‍රී ලාංකිකයින්ට හඳුන්වා දී ඇති නව රෙගුලාසි බලාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.
දේශීය නොවන අංශවල රැකියා සොයන්නන් සඳහා පලමු වතාවටයි මෙම නීති හඳුන්වා දෙනු ලබන්නේ.
ඒ අනුව, විදේශ රැකියා සොයන සියලුම ශ්‍රී ලාංකිකයින් SLBFE හි ලියාපදිංචි වීමට පෙර අදාළ රටේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයෙන් තම රැකියා කොන්ත්‍රාත්තු සහතික කර ගත යුතු වනවා.

මෙය අනිවාර්ය වන රටවල්ද නම් කර ඇති අතර එම රටවල් වන්නේ සෞදි අරාබිය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානයයි.
මීට අමතරව ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාව යන රටවලට සංක්‍රමණය වන සේවකයින්ද මීට ඇතුලත්.

ශ්‍රී ලාංකික සේවකයින්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම මෙම පියවරේ අරමුණ බව SLBFE සඳහන් කලා.
කෙසේ වෙතත්, වෘත්තීය කාණ්ඩවල ස්වයං රැකියා සඳහා යන පුද්ගලයින්ට මෙම අවශ්‍යතාවය අදාළ වන්නේ නැහැ.
එවැනි පුද්ගලයින්ට ඔවුන්ගේ වෘත්තීය තත්ත්වය තහවුරු කරන ලියකියවිලි ඉදිරිපත් කළ හැකි නම් එය ප්‍රමාණවත් බවද කාර්‍යාංශය සඳහන් කරනවා.