
Qantas වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මිලියන ගණනක ගනුදෙනුකරුවන්ගේ දත්ත අවදානමට ලක්ව ඇතැයි ගුවන් සමාගම පවසනවා.
ඊයේ සයිබර් අපරාධකරුවෙකු පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කර තෙවන පාර්ශවීය පාරිභෝගික සේවා වේදිකාවකට ප්‍රවේශය ලබා ගෙන තිබූ බවයි සමාගම පෙන්වාදෙන්නේ.
ඒ හේතුවෙන් පාරිභෝගික දත්ත අවදානමට ලක්ව ඇති බවත්, එමඟින් පද්ධතියේ සිටින මිලියන හයක පාරිභෝගිකයින්ට බලපෑම් ඇති විය හැකි බව වාර්තා වනවා.

කෙසේවෙතත් එහි පාලනය මේ වනවිට සමාගම සතු බව Qantas කියාසිටියා.
බලපෑමට ලක් වූ දත්ත අතර names, email addresses, phone numbers, birthdays සහ නිතර පියාසර කරන්නන්ගේ අංක ඇතුලත් වනවා.

කෙසේවෙතත් ක්‍රෙඩිට් කාඩ් විස්තර, පුද්ගලික මූල්‍ය තොරතුරු සහ මුරපද විස්තර බලපෑමට ලක් වූ පද්ධතියේ ගබඩා කර නොමැති අතර ඒවා අවදානමට ලක්ව නොමැති බවයි සමාගම පැවසුවේ.
මේ සම්බන්ධයෙන් ෆෙඩරල් රජයේ ජාතික සයිබර් ආරක්ෂක සම්බන්ධීකාරක, ඕස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය සහ ස්වාධීන විශේෂිත සයිබර් ආරක්ෂක විශේෂඥයින් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවද සමාගම් බලධාරීන් කියාසිටියා.
Qantas පැවසුවේ එහි විමර්ශනය සිදු කරන අතරතුර අමතර ආරක්ෂක පියවරයන් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
මේ සම්බන්ධ තොරතුරු Qantas හි සමාජ මාධ්‍යවලින් සහ සමාගමේ වෙබ් අඩවිය හරහා ගනුදෙනුකරුවන් ලබාගත හැකි වනවා.