Search

අයහපත් කාළගුණය හේතුවෙන් ඉවත් වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

නැගෙනහිර වෙරළ තීරයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිව් සවුත් වේල්ස් මධ්‍යම වෙරළ තීරයේ පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

තද සුලං සහ රළ හේතුවෙන් Wamberal වෙරළ තීරය සැලකිය යුතු අවධානම් මට්ටමකට ඛාදනයකට ලක්ව ඇති බවද State Emergency Service අනතුරු අඟවා සිටියා.

ඛාදනය වැළැක්වීමට සහ නිවාස බේරා ගැනීම සඳහා වෙරළ තීරයෙන් පිටත වැලි කොට්ට ඇතිරීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

භයානක රළ පහර සහ වෙරළ ඛාදනය හේතුවෙන් එන්ට්‍රන්ස් නෝර්ත් හි නිවාස රැසකට කඩිනමින් ඉවත් වන ලෙස දැනුම් දුන් බව State Emergency සේවකයින් සදහන් කර සිටියා.

වෙරළ තීරය හරහා කුණාටුව වේගයෙන් පැතිර යමින් තිබෙන නිසා Wyong වෙත සහ ඉන් පිටතට ගමන් කරන දුම්රිය කිහිපයක්ද තාවකාලිකව අවලංගු කර තිබෙනවා.

මේ අතර සිඩ්නි නගරයටද දැඩි වර්ෂාව සහ සුළං හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති අතර බොහෝ නැව් ගමන්ද නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »