Search

ලිංගික අතවරයන්ට ලක් වූ දරුවන් 1200කට බෝවන රෝග සඳහා පරීක්ෂාවන් කරන ලෙස නිවේදනයක්

මෙල්බර්න්හි childcare සේවකයෙකුට ළමා ලිංගික අපරාධ සම්බන්ධව චෝදනා එල්ල වීමෙන් පසු ළමුන් 1200 කට වැඩි පිරිසකට බෝවන ලිංගික රෝග සඳහා පරීක්ෂාවන් කරන ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

26 හැවිරිදි ජෝෂුවා ඩේල් යන මේ පුද්ගලයා පසුගිය වසර 7 තුළ (2018 –2025) childcare මධ්‍යස්තාන 20ක පමණ සේවය කර ඇති අතර දරුවන් විශාල පිරිසකට ලිංගික අතවර කර ඇති බව පොලීසිය අනාවරණය කරගනු ලැබුවා.

සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරි ක්‍රිස්ටියන් මැක්ග්‍රාත් කියා සිටියේ ඔහු සේවය කල සියලුම childcare මධ්‍යස්තාන , ලිංගික හිංසා සිදුකල සහ අපයෝජනයට ලක්ව ඇතැයි සැකකෙරෙන සියලු දරුවන් මේ වන විට හදුනාගෙන ඇති බවයි.

ආසාදනය විය හැකි ලිංගික රෝග සඳහා පරීක්ෂණ කරවා ගැනීමට දරුවන්ගේ දෙමපියන්ට උපදෙස් දී ඇති බව වික්ටෝරියානු පොලිසිය සදහන් කර සිටියා.

තවද රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙය සංකීර්ණ හා දුක්ඛිත තත්වයක් වන අතර ඔවුන්ගේ ඉහළම ප්‍රමුඛතාවය වන්නේ බලපෑමට ලක්වූ දරුවන්ගේ සහ පවුල්වල සෞඛ්‍යය යහපැවැත්ම ආරක්ෂා කිරීම බවයි.

පොලීසිය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සහ ඒ සම්බන්ධ ආයතන රැසක් එක් වී සිද්ධියේ බලපෑම් එල්ල වූ පවුල්වලට සහය වීමට කටයුතු කරමින් සිටීන බව වික්ටෝරියානු පොලීසිය අවධාරණය කර සිටියා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »