Search

මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවන මරණ අඛණ්ඩව දසවන වසරටත් ඉහළට

Penington ආයතනයේ විශ්ලේෂණයකට අනුව මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවන මරණ අඛණ්ඩව දසවන වසරටත් ඉහළ ගොස් තිබෙනවා.

වසර දහයක කාලයක් පුරා සෑම වසරකම මරණ 2,000 කට වඩා සිදුවී ඇති බවයි නව වාර්තාවේ දැක්වෙන්නේ.

පසුගිය වසරේ මරණ 2,272ක් වාර්තා වී ඇති අතර ඉන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවෙන් ගැනීම නිසා සිදු වූ මරණ වනවා.

මෙම මරණ සංඛ්‍යාව මසකට 189 ක් පමණ වන අතර මත්ද්‍රව්‍ය ආශ්‍රිත මරණ බොහෝ විට හෘදයාබාධ සහ ප්‍රධාන ධමනි අවහිර වීම නිසා සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

Penington ආයතනයේ ප්‍රධාන විධායක ජෝන් රයන් කියා සිටියේ බොහෝ මරණ වලට වඩාත් සුලභ මත්ද්‍රව්‍ය වර්ගය හෙරොයින් වන අතර එය සියලුම මරණ වලින් 43.9% ක් පමණ වන බවයි.

මෙම මරණ බොහොමයක් පෞද්ගලික නිවාස වල සිදුවී ඇති අතර ඉන් බොහොමයක් ප්‍රාදේශීය හා ග්‍රාමීය නගරවල නිවාස තුළදී සිදු වී තිබෙනවා.

පෙනින්ටන් ආයතනය වැඩිදුරටත් සදහන් කර සිටියේ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවන මරණ වළක්වා ගත හැකි බවත්, ඒ සදහා ‍රජයේ ආයතන වල අවධානය නිසි ලෙස යොමු කල යුතු බවත් ලෙසයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »