Search

Youth Allowance ලබන ඔස්ට්‍රේලියානු සිසුන් ගණන පහළ යයි

 

 

ඔස්ට්‍රේලියාවේ Youth Allowance ලබන සිසුන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තා වනවා.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කර ඇත්තේ පසුගිය වසර 20 තුළ Youth Allowance ගෙවීම් ලබන සිසුන් ගණන විශාල ප්‍රමාණයකින් අඩුවී ඇති බවයි.

අඩු ආදායම්ලාභී සහ ප්‍රාදේශීය සිසුන් විශ්ව විද්‍යාලවලට යාමෙන් හෝ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමෙන් වැළකී සිටින බවයි විශේෂඥයින් පවසන්නේ.

සමාජ සේවා දෙපාර්තමේන්තුවට අනුව, 2005 ජුනි මාසය වනවිට Youth Allowance ලබන සිසුන් සංඛ්‍යාව 275,000 ක් වූ අතර, මෙම වසරේ මැයි මාසයේදී එය 162,000 ට අඩු වී තිබෙනවා.

එහෙත් එම කාලය තුළ විශ්ව විද්‍යාලවලට යන සමස්ත සිසුන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මෙම වසරේ ෆෙඩරල් අයවැය මඟින් ඉදිරි ඇස්තමේන්තු වලට වඩා ශිෂ්‍ය ගෙවීම් සඳහා ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක් අඩු වනු ඇති බවට මත පළ වී තිබෙනවා.

 

 

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »