
ඔස්ට්‍රේලියාවේ විදුලි පද්ධතිවලට දැඩි බලපෑම් ඇති කරන තඹ සොරකම් පිළිබඳ වාර්තා පළ වනවා.
මාර්ග ආලෝකවලට යොදා ගන්නා තඹ රැහැන් සොරකම් රාශියක් මේ වනවිට වාර්තා වී තිබෙනවා.
ඉන් කඩිනමින් නැවත සකස් කළයුතු අතර අධික මුදලක් ඊට වැය වන බවයි බලධාරීන් පවසන්නේ.

පසුගිය මාස 12 තුළ ක්වීන්ස්ලන්ඩ්හි තඹ සොරකම් 86 ක් වාර්තා වී තිබෙනවා.
දකුණු වෙරළ ප්‍රදේශයේ සොරකම් සහ විනාශ කිරීම් 51 ක් ද බ්‍රිස්බේන් ප්‍රදේශයේ සොරකම් 35 ක් ද වාර්තා වුණා.

ඒවා නැවත සකස් කිරීම සඳහා වැය වන වියදම, සොරකම් කරන ලද තඹවල වටිනාකමට වඩා වැඩි බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රවාහන හා ප්‍රධාන මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.
මේ අතර ඔස්ට්‍රේලියානු අපරාධ විද්‍යා ආයතනය (Australian Institute of Criminology) පවසන්නේ වාර්ෂිකව ලෝහ සොරකම්වලින් සිදුවන පාඩුව ඩොලර් මිලියන 100 කට වඩා වැඩි බවයි.