Search

ගුවන් ගමන්වලදී රැගෙන යන suitcase පිළිබඳ අනතුරු ඇඟවීමක්

 

 

තම ගමන් මළු පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට අනතුරු අඟවා තිබෙනවා.

මෙල්බන් සිට බ්‍රිස්බේන් දක්වා ජෙට්ස්ටාර් [Jetstar] යානයකින් ගමන් කළ බ්‍රේඩි වොට්සන් (Brady Watson) නැමති පුද්ගලයෙකු අතපසුවීමකින් තම ගමන් මල්ල වෙනුවට වෙනත් අයෙකුගේ ගමන් මල්ලක් රැගෙන විත් තිබෙනවා.

නැවත බ්‍රිස්බේන් ගුවන්තොටුපොළට එය රැගෙන ගිය ද තම ගමන් මල්ල සොයාගැනීමට නොහැකිවූ බවයි ඔහු පවසන්නේ.

මේ වනවිට මාස 3 ක කාලයක් ගතවී ඇතත් ගුවන් තොටුපොළ සේවකයන් පවසා ඇත්තේ බෑගය පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.

ගමන් මල්ල පිළිබඳ Jetstar සමාගමෙන් තොරතුරු ලබා ගැනීම දිනෙන් දින අපහසු වී ඇති බව ද වොට්සන් පවසනවා.

ජෙට්ස්ටාර් සහ බ්‍රිස්බේන් ගුවන්තොටුපළ විශ්වාස කරන්නේ ඔහු අනෙක් මගියාගේ ගමන් මල්ල ආපසු රැගෙන ඒමට පෙර වොට්සන්ගේ ගමන් මල්ල ගුවන් තොටුපළෙන් සොරකම් කර ඇති බවයි.

කෙසේවෙතත් Jetstar ගුවන් සමාගම සඳහන් කර ඇත්තේ තම පාරිභෝගික සේවා කණ්ඩායම ඔහුට සහාය වීමට හැකි සෑම පියවරක්ම ගෙන ඇති බවයි.

මේ අතර CCTV කැමරා කිහිපයකින් වීඩියෝ පට පරීක්ෂා කළ ද ගමන් මල්ල රැගෙන ගිය  පුද්ගලයා හඳුනාගැනීම අපහසු වී ඇති බව බ්‍රිස්බේන් ගුවන් තොටුපළ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

 

 

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »