Search

පණපිටින් පොකිරිස්සන් කෑමට දුන් අවන්හල

සිඩ්නි නුවර පිහිටි Korean seafood අවන්හලක ජීවී පොකිරිස්සන් අනුභව කරන වීඩියෝ ප්‍රචරය වීම සමග ආන්දෝලනාත්මක තත්වයක් හටගෙන තිබෙනවා.

අමු මුහුදු ආහාර පිරිනමමින් මෙම ප්‍රසිද්ධ අවන්හල, සත්ව හිංසනයක් සිදුකරන බවටයි විවේචනයට ලක්ව තිබෙන්නේ.

ගනුදෙනුකරුවන් අනුභව කරන විට පොකිරිස්සන් දඟලන ආකාරය TIK TOK වීඩියෝ තුළින් පැහැදිලිව සමාජ මාධ්‍ය පුරා කම්පනයක් ඇති කර තිබෙනවා.

නරඹන්නන් මෙම ක්‍රියාව හෙළා දකිමින් සඳහන් කර තිබුණේ ජීවත්වන සතුන් ආහාරයට ගැනීමට මිනිසුන් කෙසේ දරුණු වන්නේ ද යන්න සිතාගත නොහැකි බවයි

සත්ව සුභසාධන උපදේශකයින් මෙම තත්වය දැඩිව හෙළා දැක තිබෙනවා.

ඔවුන් මෙම අවන්හල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඇති අතර සජීවී මුහුදු ආහාර පිළිබඳ නීති දැඩි කරන ලෙසද ඉල්ලා ඇතැයි සඳහන්.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »