
දරුණු සුළි කුණාටු අවදානමක් හේතුවෙන් නිව් සවුත් වේල්ස්හි ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.
” bomb cyclone” ලෙස හඳුන්වන මෙම කුණාටු තත්වය හේතුවෙන් වේගවත් සුළං සහ වර්ශාව නිව් සවුත් වේල්ස් වෙරළ තීරයට ලගාවීමට නියමිත බවයි, කාලගුණ විද්‍යා කාර්යාංශය සදහන් කර තිබෙන්නේ.
මෙම ප්‍රදේශ ආශ්‍රිතව අද මධ්‍යම රාත්‍රියේ සිට පැයට කිලෝමීටර 125 ඉක්මවන සුළං අපේක්ෂා කෙරෙනවා.

ගංගා පිටාර ගැලීමෙන් ගංවතුර අවදානම ඉහළ යන බවද නිවේදනයේ සදහන්.
දේපළ සුරක්ෂිත කර ගැනීමට සහ වහාම ක්‍රියාත්මක වන්නැයි පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

කුණාටුව පෙර දැනුම් දුන් ප්‍රමාණයට වඩා දරුණු බව හෙළිවී තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ.