Search

අදින් ඇරඹෙන මූල්‍ය වර්ෂයේ ලැබෙන සහන සියල්ල මෙන්න

අද දින සිට ඕස්ට්‍රේලියාව පුරා මූල්‍ය වෙනස්කම් ක්‍රියාත්මක වීම ආරම්භ වනවා

මෙම වෙනස්වීම් වැටුප්, superannuation, migration සහ Daily consumer habits කෙරෙහි බලපානු ලබන බව සදහන්.

National Minimum Wage 3.5% කින් ඉහළ යනු ඇති අතර එය සතියකට ඩොලර් 948 ක් හෝ පැයකට ඩොලර් 24.95 ක් දක්වා වැඩි වනවා.

ඒ අනූව මීට සමානව සියලුම වැටුප් ද එම අනුපාතයෙන් ඉහළ යනු ඇති.

superannuation 2.4% ක වැඩිවීමක් සිදු වන අතර, එමගින් විශ්‍රාමිකයින්ට වැඩි වත්කම් හිමිකාරිත්වයට ඉඩ සලසනු ලබනවා.

ජූලි 1 වන දින හෝ ඊට පසු උපත ලබන දරුවන් සඳහා දෙමාපිය නිවාඩු වැටුප දින 120 දක්වා වැඩි වනවා.

එම දීමනා සදහා මාස තුනකට පෙර හිමිකම් පෙන්වීමට අවසර ලබාදෙන බව සදහන්.

Skilled migrant income limits ද 4.6% කින් ඉහළ යනු ඇති අතර, මූලික වැටුම් සීමාව ඩොලර් 73,150 සිට ඩොලර් 76,515 දක්වා ඉහළ යනු ඇති.

flavored cigarettes තහනම් කිරීම, ප්‍රමිතිගත ඇසුරුම් සහ නව සෞඛ්‍ය අනතුරු ඇඟවීම් ඇතුළු ප්‍රතිසංස්කරණද ඉදිරියේදී සිදුවනවා.

NSW සහ වික්ටෝරියා දැඩි දුම්කොළ බලපත්‍ර නීති සහ දැඩි දඬුවම් හඳුන්වා දෙන බවද වාර්තාවල දැක්වෙනවා.
NSW නව කුලී නිවැසියන්ගේ ආරක්ෂාව, ස්ථර නීති වෙනස්කම් සහ ප්‍රජා සේවා සේවකයින් සඳහා දිගු සේවා නිවාඩු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග සේවකයින් සිටින ස්තාන ආශ්‍රිත වේගය පැයට කිලෝමීටර 40 දක්වා අඩු කිරීමට නියමිතයි.

නව මාර්ග ආරක්ෂණ නීති ක්‍රියාත්මක කරනු ඇති අතර වැටුප් බදු රහිත ආදායම් සීමාව ඩොලර් මිලියන 1 දක්වා වැඩි කරනු ඇති.

විදුලිය සඳහා වික්ටෝරියානු Default offer ඩොලර් 1,675 කට සීමා කෙරෙනු ඇති අතර, එය ගෘහස්ථ බලශක්ති පිරිවැය නියාමනය කිරීමට උපකාරී වන බවයි සඳහන් වන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »