Search

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ගාස්තු අද සිට වැඩිවෙන හැටි

2025 ෆෙඩරල් අයවැයේ සංශෝධනවලට අනුව අද සිට ශිෂ්‍ය වීසා ගාස්තු ඉහළයාම ක්‍රියාත්මක වනු ලබනවා.

අයවැයෙන් ප්‍රකාශයට පත්කළ පරිදි වීසා අයදුම්පත් ගාස්තුවලින් බහුතරයක් 3% කින් වැඩි වනු ඇති.

ඒ අනුව Subclass 500 (Student) visa සහ Subclass 590 (Student Guardian) visa සඳහා මූලික අයදුම්පත් ගාස්තුව ඩොලර් 1,600 සිට ඩොලර් 2,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

රජයේ Building Australia’s Future සැලැස්මට අනුව ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන පද්ධතියට සහාය වීමේ අරමුණින් ගාස්තු ඉහළ නැංවූ බවයි රජය පවසන්නේ.

කෙසේවෙතත් Pacific Island රටවල්වලට සහ Timor-Leste වෙතින් වීසා අයදුම්කරන්නන් මෙම ඉහළ නංවන ලද ගාස්තුවලින් නිදහස් කර තිබීම සුවිශේෂී වනු ඇති.

පසුගියදා ෆෙඩරල් රජය කියාසිටියේ මෙම ශිෂ්‍ය වීසා ගාස්තු ඉහල දැමීමට ගත්​ තීරණයෙන් ඉදිරි අයවැයට ඩොලර් බිලියනයක ඉතිරියක් කිරීමට හැකි බවයි.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »