Search

Melbourne නිවාස දෙකක මුදලින් ගන්න පුලුවන් ගමක්

මෙල්බන් නිවාස දෙකක මිලට මුළු ගම්මානයක්ම ලබා දෙමින්, Mount Dandenong හි සුවිශේෂී දේපළ වෙළඳාමක් සිදු වනවා.

මෙලෙස අලෙවි කිරීමට දමා තිබෙන්නේ නිවාස 4 ක්  සහ චිත්‍රාගාරයක් සහිත මෙල්බර්න් නගරයට නැගෙනහිරින් පිහිටි වතු ප්‍රදේශයක්.

මෙම වතුයාය ඩොලර් මිලියන 1.97 සිට ඩොලර් මිලියන 2.147 දක්වා මුදලකට විකිණීමටයි  ලැයිස්තුගත කර තිබෙන්නේ.

මෙල්බන් හි නිවාස මිල ඩොලර් 1,035,887 ක් වන අතර, ගැනුම්කරුවන්ට සාමාන්‍ය නිවාස දෙකක මුදලකට එම ගම්මානයේ නිවාස  පහක් මිලදී ගත හැකි බවටයි ගණන් බලා තිබෙන්නේ.

මෙම විකිණීමට තිබෙන ප්‍රදේශය නගරයෙන් පිටත ග්‍රාමීය ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ.

මෙම වතු යායම සිඩ්නි  එක්  නිවසක මිලට වඩා මිලෙන් අඩු බව සඳහන්

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »