
ඔස්ට්‍රේලියාවේ දෙවන ඉහළම වැටුප් ලබන දේශපාලනඥයා බවට වික්ටෝරියා අගමැති ජසින්ටා ඇලන් පත්ව තිබෙනවා.
ඒ වැටුප් වැඩිවීමකින් පසු ඩොලර් 512,972 ලබා ගනිමින්.
අගමැති ඇන්තනී ඇල්බනීස් ඩොලර් 620,000 වැටුපක් හිමිකර තිබෙනවා.

වික්ටෝරියානු ස්වාධීන වේතන විනිශ්චය සභාව විසින් ඊයේ මන්ත්‍රී වැටුප් හා දීමනා 3% කින් ඉහළ දැමූ අතර එමගින් $14,941 වැටුප් ඉහළයාමක් සිදුවුණා.
අගමැතිගේ පැකේජයට ඩොලර් 64,475 ක වියදම් දීමනාවක්ද ඇතුළත් වනවා.

නියෝජ්‍ය අගමැති බෙන් කැරොල්ට ඩොලර් 236,662 ක් ගෙවනු ලබන අතර විපක්ෂ නායක බ්‍රැඩ් බැටින්ට ඩොලර් 409,107 ක් හිමි වනු ඇති.
වැටුප් වැඩිවීමෙන් පසු පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඩොලර් 211,972 ක මූලික වැටුපක් ලැබීමට නියමිතයි.
මේ අතර ඔස්ට්‍රේලියානුවන්ගේ 3.5% ක වැටුප් වැඩිවීම අද සිට ක්‍රියාත්මක වනු ඇති.