Search

යාපනයේ මිනී වලකින් හමුවූ අම්මාගේ පපු තුරුලේ දරුවෙක්

ආන්දෝලනයකට තුඩුදුන් යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය කැණීම් තවදුරටත් සිදුවනවා.

අවසන් වරට සිදු කල කැණීම් වලදීද මිනිස් සිරුරු 6කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් බව කැණීම් නිලධාරීන් සඳහන් කර තිබුනා.

ඒ අනුව, මේ දක්වා මිනිස් සිරුරු 33කට අදාළ අස්ථි කොටස් මතු කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

තුන්වන අදියරේ කැණීම් වලදී හමුවූ අස්ථි කොටස් සම්බන්ධ සංවේදී පුවතක් කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වී තිබෙනවා.

කාන්තාවකගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් මෙහිදී මතු කර ගෙන තිබුනා.

අදාළ කාන්තාවගේ පපු ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරන අස්ථි කොටස් කිහිපයක් හමු වූ බවයි අනාවරන වුනේ.

අදාළ දරුවා මවගේ තුරුළේ සිටියදී ඝාතනය වී ඇති බවට සැකයක් මතු වන බව උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.

මෙම ස්ථානයෙන් පාසල් බෑගයක් බවට සැක කෙරෙන බෑගයක් ද හමුවී තිබුනා.

ඒ අසල කුඩා දරුවෙකුගේ මළ සිරුරකට අයත් බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී සොයාගෙන තිබුනා.

මෙම ස්තානයේ කැණීම් තවදුරටත් සිදු වනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »